By unusuma.lk on
(LK time)දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බවයි.
අද පස්වරුවේ රැස්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණය ගෙන තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම තීරණය ගනු ලැබුවේ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීමෙන් අනතුරුවයි.