නැවතත් මේ රටේ වැඩවර්ජන නෑ.. ඔක්කොම සෙල්ලම් 14 වෙනිදායින් අවසන්.!

කැස්බෑවේ පැවති ජන හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසා සිටියේ වැඩවර්ජන නිසා රට මුහුණදෙන අමිහිරි අත්දැකීම් නොවැම්බර් 14න් පසු අවසන්වන බවත්, මේ ගෙවෙන්නේ එහි සංක්‍රාන්ති සමය බවත් ය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ අද උපදින දරුවන්ට තව වසර 10කින් 15කින් වැඩවර්ජන යනු කුමක්දැයි කියාදීමට පවා සිදුවනු ඇති බවයි.

“බොහොම අමිහිරි අත්දැකීම් අපේ රටේ තියෙන්නේ. දරුවා ඉස්කෝලෙ යනවා.. එක දවසක් ගුරුවරු ස්ට්‍රයික්, තව දවසක් විදුහල්පතිවරු ස්ට්‍රයික්, තව දවසක් අනධ්‍යන කාර්යය මණ්ඩලය ස්ට්‍රයික්, ඉස්පිරිතාලෙට යනවා බේත් ගන්න.. දවසක් ඩොක්ටර්ස්ලා ස්ට්‍රයික්, තව දවසක් නර්ස්ලා ස්ට්‍රයික්, තව දවසක් ඇටෙන්ඩන්ට්ලා.

පාරට බැස්සම ලංගම බස් ස්ට්‍රයික්, නැත්තම් ප්‍රයිවට් බස් ස්ට්‍රයික්… මොනවගේ ඉතිහාසයක්ද තියෙන්නේ.

මම මේක අද කිව්වයි කියලා හිතා තියාගන්න. ඒ ස්ට්‍රයික් පිරිච්ච ඉතිහාසය ඉස්සරහට නැතිවෙනවා. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නේ. ආණ්ඩුවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් කථාකරලා බේරගන්න. අද උපදින දරුවන්ට තව අවුරුදු 10ක් 15ක් යනකොට ඒ ළමයිට කියලා දෙන්න වෙනවා…පුතේ ස්ට්‍රයික් එකක් කියන්නේ මේකයි කියලා. ඇඳිරිනීතිය කියලා දෙන්න වෙනවා පුතේ…ඇඳිරිනීතිය කියන්නේ මේකයි කියලා. ඒ කිසිත් නැති හොඳ රටක් මේ නිර්මාණය කරන්නේ. බලන්නකො බොරුද කියලා. මේ තියෙන්නේ සංක්‍රාන්ති කාලයක්. මේ සංක්‍රාන්ති කාලය අවසන් වෙනවා නොවැම්බර් 14න් පස්සේ”.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.