By unusuma.lk on
(LK time)දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් ඇති නොවන බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දුම්රිය ස්ථානාධිපතිවරුන් ටිකට්පත් නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාරගැනීමේ කටයුතුවලින් පමණක් ඉවත් වී ඇති බවත් එම නිසා මගීන්ට ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රිය තුළ යාමට හැකි අතර ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීමක්ද සිදුනොවන බවයි.
සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුනහොත් අදියර කිහිපයකින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.