උදෑසනම පාසල් ගිය දරුවන් 05ක් මීහරක් නිසා රොහලේ.!

අද (11) දින උදෑසන පාසල වෙත ගමන් කරමින් සිට දරුවන් පස් දෙනකු පසුපස මීහරක් රංචුවක් එළවිමෙන් තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සදහන් කරයි.

පුද්ගලයෙකු විසින් මාර්ගය හරහා දක්කාගෙන ආ මීහරක් කුලප්පු වී පාගමනින් පාසල වෙත එමින් සිටි එම දරුවන් පසුපස පන්නා ඇති බවද පොලීසිය සදහන් කරයි.

හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් බත්ගොඩ විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයට එමින් සිටි වයස අවුරුදු 10 සහ11 වියේ පසුවන සිසුන් පස් දෙනෙක් මෙලෙස රෝහල්ගත කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close