17 හැවිරිදි සිසුවෙක් අමානුෂික ලෙස ඝාතනය කරයි.!

පොලුවලින් සහ ආරක්ෂිත හිස් වැසුමකින් පහරදී 17 හැවිරිදි සිසුවෙක් ඝාතනය කර ඇති බව පොලීසිය සදහන් කරයි.

මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයේදී දෙපිරිසක් අතර අති වු ගැටුමකින් එම සිසුවා මියගොස් ඇති අතර පහරදීමට හේතුව අනාවරණය වී නොමැති බවද පොලීසිය සදහන් කරයි.

කෙසේ වෙතත් එම ඝාතනයට අදාලව මඩවල, උල්පත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු යකඩ ඉන්නක්, ආරක්ෂිත හිස්වැසුමක් සහ තියුණු ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

17 හැවිරිදි සිසුවාගේ ඝාතනයෙන් පසු අනෙක් සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවද සදහන් කරයි.

Loading

One thought on “17 හැවිරිදි සිසුවෙක් අමානුෂික ලෙස ඝාතනය කරයි.!

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement