පාසලේ පන්තිභාර ගුරුවරියට වෙඩි තබා තුවාල සිදුකළ සය හැවිරිදි දරුවෙකුගේ මවට අපරාධ චෝදනා ගොනුකර ඇත.
එම සිසුවාගේ මව වන 25 හැවිරිදි ඩේජා ටේලර්ට මහා ජූරි සභාවක් විසින් සාපරාධී ළමා නොසලකා හැරීමේ චෝදනාවක් සහ සාපරාධී චෝදනාවක් සමඟ අධිචෝදනා ගොනු කර ඇත.
අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක පළමු වසරේ ඉගෙනුම ලබන එම සිසුවා නිව්පෝට් නිව්ස් නගරයේ රිච්නෙක් ප්‍රාථමික පාසලට ඔහුගේ බෑගය තුලට දමාගෙන තුවක්කුව රැගෙන පැමිණ ඇත.
අනතුරුව එම සිසුවා පාඩමක් අතරතුර පන්තිභාර 25 හැවිරිදි Abigail Zwerner ගුරුවරියගේ අතට සහ පපුවට වෙඩි තබා ඇත. අනතුරුව බරපතල තුවාල ලැබූ ගුරුවරිය රෝහල්ගත කර ඇත.
කෙසේ වෙතත් රෝහල්ගත කල පසු ගුරුවරිය එම වෙඩි තැබීමෙන් දිවි ගලවාගෙන ඇති අතර වෙඩි තැබීම සඳහා සිසුවා යොදාගෙන ඇත්තේ තම මවගේ ගිනිඅවිය බව පොලීසිය සදහන් කරයි.