අද සිට දරුවන් සතුටින් පාසල් යන හේතුව.!

ප්‍රාථමික පාසල් සිසුන් අතර ආහාර අනාරක්ෂිතතාවය අවම කිරීමේ අරමුණින්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 1-5 ශ්‍රේණිවල සියලුම සිසුන්ට නොමිලේ ආහාර සැපයීමේ වැඩසටහන අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී ආරම්භ කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ, මෙම වැඩසටහන මඟින් රජයේ පාසල් 9,134ක සහ සිසුන් 100ට අඩු කුඩා පාසැල්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 16කට අධික ළමුන් පිරිසකට ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂා කරන බවයි.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ සෑම ප්‍රාථමික පාසල් සිසුවෙකුටම පාසල් වේලාව තුළ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම සහතික කිරීම වන අතර මෙම වැඩසටහනේ යටතේ, සිසුන්ට දිනපතා උදේ 7:30 සිට 8:00 දක්වා නොමිලේ ආහාරවේල ලබාදෙන අතර එමගින් දිනය ආරම්භයේදී ඔවුන්ට අත්‍යවශ්‍ය පෝෂණය ලබා දෙනු ඇත.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 16.6 ක අයවැයක් වෙන් කර ඇත. මීට අමතරව, ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ජාත්‍යන්තර සංවිධානවලින් තවදුරටත් මූල්‍ය ආධාර ලබා ගැනීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා සදහන් කලේය.

මෙම වැඩසටහන යටතේ, පෝෂ්‍යදායී ආහාර සඳහා ප්‍රමාණවත් අරමුදල් සැපයීම සහතික කරමින්, රජය එක් සිසුවෙකුගේ ආහාර සදහා වෙන්කර ඇති මුදල රුපියල් 85 සිට රුපියල් 110 දක්වා වැඩි කර ඇත.

වැඩසටහන ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රාථමික පාසල් සිසුන්ගේ සෞඛ්‍ය, පැමිණීම සහ අධ්‍යයන කාර්ය සාධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close