ජනතාවට සුභසාධක ගෙවීම් සිදුකිරීම එළඹෙන ජූනි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න සදහන් කරයි.
සුභසාධක ගෙවීම් සිදුකිරීම ලැයිස්තුව හදාගැනීමෙන් අනතුරුව එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, ග්‍රාම නිලධාරී කාර්යාල මට්ටමින් ප්‍රදර්ශනය කරන බව සභාපති බී. විජයරත්න සදහන් කරයි.
ඒ සදහා නිවාස ඒකක තිස්දෙලක්ෂයකට අධික සංඛ්‍යා ප්‍රමාණයක අයදුම්පත් පරීක්ෂා කර සංගණන කටයුතු අවසන් කර ඇති බවද සභාපති බී. විජයරත්න සදහන් කරයි.
සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න තවදුරටත් සදහන් කළේ,
“ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන තැනැත්තන්ගේ ලැයිස්තුව හදාගන්නවා. ඒ ලැයිස්තුව හදාගත්තට පස්සේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, ග්‍රාම නිලධාරී කාර්යාල මට්ටමින් ප්‍රදර්ශනය කරනවා.
ඒ ප්‍රදර්ශනය කරන්නේ, පනතේ විධිවිධාන අනුව අභියාචනා සහ විරෝධතා සඳහා අවස්ථාවක් ලබාදිය යුතු හින්දා. ඒ අනුව දවස් 10ක කාලයක් අභියාචනා සහ විරෝධතාවලට කාලය ලබාදෙනවා.
එසේ ලැබෙන විරෝධතා සහ අභියාචනා දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා විසින් පත්කරනු ලබන ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභියාචනා සහ විරෝධතා පරීක්ෂා කිරීමේ අභියාචනා විරෝධතා කමිටුව විසින් පිළිගෙන සොයාබලා සුබසාදක පත්‍ර දාපු මණ්ඩලයට නිර්දේශයක් කරනු ලබනවා. ඒ නිර්දේශය කිරීමෙන් පසු අපි ලබන ජුලි මාසයේදී දීමනා ගෙවීමට සැලසුම් කරලා තියෙනවා.”