සුබසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු පසුගිය මාර්තු 31 වනදා දීර්ඝ කල අතර එය අද (10) දිනයෙන් පසු අවසන් වීමට නියමිතව ඇත.

සුබසාධන සදහා අයදුම්පත් ලක්ෂ 37ක් පමණ ලැබී තිබූ අතර මෙම මස මුල් සතිය වන විට ඉන් 2,458,424ක තොරතුරුවල නිරවද්‍යතාවය සෙවීම අවසන් කර තිබු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම තොරතුරු සංගණනය අවසන් වීමෙන් පසු සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය සකස් කර එය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

“ඇත්තම කියමු – ඇත්තම අයට ප්‍රතිලාභ දෙමු” තේමාව යටතේ සුබසාධක ප්‍රතිලාභ ලැබීමට සුදුසු පවුල් හඳුනාගැනීම සඳහා අයදුම්කළ පුද්ගලයින්ගේ තොරතුරු තහවුරු කර ගැනීම වෙනුවෙන් එම සංගණනය ආරම්භ කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close