අර්ජුනට මම බාධාවක් නිසා මගේ බිරිදට මරණ තර්ජන කරා.. මම ඉල්ලා අස්වෙනවා.!

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කර එහි සභාපති ධුරයට අර්ජුන රණතුංග පත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර ලිපියක් යොමුකර සඳහන් කරයි.

එම කටයුත්තට තමන් බාධාවක් වූ බැවින් අර්ජුන රණතුංගගේ ඥාති පුත්‍රයෙක් ලවා තම බිරිඳට දුරකථන ඇමතුම් මගින් මරණීය තර්ජන එල්ල කර ඇති බවද උපදේශක සුදත් චන්ද්‍රසේකර සදහන් කරයි.

තමන් මේ සම්බන්ධයෙන් සියලුම තොරතුරු සොයාගෙන ඇති බවත් එම තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට තමන් සුදානම් බවද උපදේශක සුදත් චන්ද්‍රසේකර එම ලිපිය මගින් සදහන් කර ඇත.

ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ වෙත තම උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මේ බව සදහන් කර ඇත.

එම ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා භාර නොගත් බැවින් ඒ සම්බන්ධව තමාගේ ඉදිරි කටයුතු සිදු කිරීම අත්හිටුවන ලෙසද ඔහු ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත දැනුම්දී ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close