අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ තුනක මිල අඩු කල බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.
සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල ගණන් මෙලෙස අඩුකර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.
ඒ අනුව රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවකින් රුපියල් 20ක් අඩු කරන අතර නව මිල රුපියල් 200ක් වේ.
රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවකින් රුපියල් 30ක් අඩු කරන අතර නව මිල රුපියල් 310ක් වේ.
තවද රුපියල් 230ට පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවකින් රුපියල් 20ක් අඩු කරන අතර නව මිල රුපියල් 210ක් වේ.