By unusuma.lk on
(LK time)මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමට පක්ෂ නායකත්වය කටයුතු කර තිබේ.
ඒ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින් අතර ඇති වූ දැඩි නොසන්සුන්තාවක් සැළකිල්ලට ගනිමිනි.
සුජීව සේනසිංහ සමගි ජන සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් නායකයා වශයෙන් නම් කර තිබුනද එය එම පක්ෂයේ තිස්ස අත්තනායක මහතාගේ නායකත්වය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට තීරණය කර ඇත.
කෙසේවෙතත් සූජීව සේනසිංහ මහතා මහනුවරට අවශ්‍යය බව පවසමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් සහ භික්ෂූන් වහන්සේ පිරිසක් යොදාගනිමින් උද්ඝෝෂණයක් පැවැත්වීමටද සැළසුම් කර තිබූ බව ආරංචිමාර්ග පවසයි.