ප්‍රවීණ සිනමාවේදිනී ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) දින සවස කොළඹ නිදහස් චතුරස්රයේදී සිදු කළේය.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ 05, තිඹිරිගස්යාය, ගවර්ස් පටුමගේ, අංක 15/2, ලිපිනයේ පිහිටි ඇයගේ සොහොයුරියගේ නිවසේ තැන්පත් කර තිබූණේය.
අනතුරුව අද දින එම දේහය රථ පෙරහැරකින් ජාතික චිත්‍රපට සංස්ථාව දක්වාත්, එතැන් සිට නිදහස් චතුරස්‍රය දක්වාස රැගෙන ආවේය.
අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය සුනිල් ආරියරත්න යන ඇතුළු කලාකරුවන්, විද්වතුන් ආදී විශාල පිරිසක් පැමිණ සිටියේය.