සමර් මැකින්ටොෂ් ක්‍රීඩිකාව මීටර් 400 කාන්තා නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබා ඇත.
16 හැවිරිදි කැනේඩියානු ක්‍රීඩිකා සමර් මැකින්ටොෂ් පිහිනුම් තෝරාගැනීම් තරගවලදී විනාඩි 3යි තත්පර 56යි දශම 08ක දක්ෂතාවක් දක්වමින් මෙම වාර්තාව තබා ඇත.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ariarne Titmus මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කියු අතර ඇගේ මීටර් 400 නිදහස් ආර ලෝක වාර්තාව තත්පරයෙන් සියයෙන් 32කින් මෙලෙස බිඳ දමා ඇත.
සමර් මැකින්ටොෂ් නව යොවුන් වියේ කාලය දැනටමත් ලෝක කනිෂ්ඨ සහ ජාතික වාර්තා කිහිපයක් ජයගෙන ඇති අතර මෙය ඇයගේ පළමු ලෝක වාර්තාවද වේ.