ලංකාවේ සැත්කම් සඳහා යොදා ගන්නා නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන ඇත.
ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් එම නිර්වින්දන ඖෂධය මෙරටට ගෙන්වා බෙදාහැර ඇති අතර එහි කාණ්ඩ 3ක් මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත.
එම ඖෂධ මෙරට තුළ තත්ත්ව පරීක්ෂාවකට ලක් කීරීමකට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධය සම්බන්ධයෙන් ලබාදී ඇති සහතිකය සහ වෙනත් රටවල භාවිතය පිළිබද සලකාබලා ලංකාව තුළ භාවිතයට ගෙන ඇත.