විශ්මිත සැත්කමක්.. ශරීරයෙන් ගැලවී ගිය හිස යළිත් බද්ධ කරයි.!

කුඩා දරුවෙකුගේ ශරීර අභ්‍යන්තරයෙන් වෙන් වූ හිසක් යළිත් බද්ධ කල අතිශය විශ්මිත සැත්කමක් පිළිබඳව ඊශ්‍රායලයෙන් වාර්තා වේ.

බයිසිකලයක් පදිමින් සිටි 12 හැවිරිදි කුඩා පිරිමි දරුවකු මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව දරුවාගේ හිස ශරීර අභ්‍යන්තරයෙන් වෙන් වූ බව සදහන් කරයි.

එම අනතුරින් පසුව දරුවා ගුවන් මගින් රෝහල් ගත කර ඇති අතර විවිධ උපකරණ යොදාගනිමින් දරුවාගේ හිස නැවත සම්බන්ධ කිරීමට ස්නායු විකලාංග ඇතුලු ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් එක්ව ක්‍රියා කර ඇත.

අනතුරුව අති විශේෂ සැත්කමක් වෘත්තීය භාවය හා තාක්ෂණය එක්ව සිදුකළ නිසා එම දරුවා මේ වනවිට සුවය ලබමින් සිටින බවද ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close