අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී සදහන් කළේ, හෙට (05) හෝ අනිද්දා (06) දින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ආරම්භ කරනු ඇති බවයි.
එලෙස ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බොහෝ දෙනෙකුගේ දරුවන්ද අපොස උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවත් සිය නිවෙස් වල ප්‍රශ්න මතුවීම මත ඔවුන්ට තවදුරටත් එසේ කටයුතු කිරීමට නොහැකි බව අමාත්‍යවරයා සදහන් කරයි.
තවද එම ආචාර්යවරුන්ට උපරිම දීමනා ලබාදීමට පියවර ගෙන ඇති බවත් අනතුරුව අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනටම පැවැත්වීමට උපරිම උත්සාහ දරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.