පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර මෙරට ගුරු සේවය සඳහා උපාධිධාරීන් හා විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් ලෙස ගුරුවරුන් 34,000ක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත (17) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
සේවයේ නිරත උපාධිධාරීන් 26,000ක් හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 8000ක්ද වශයෙන් බඳවා ගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලද වහාම 26,000ක් ගුරු සේවයට බඳවා ගැනීමේ නිවේදනය නිකුත් කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
2023 වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර මෙම බඳවා ගැනීම් සිදු කරන බව අමාත්‍යවරයා සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.