අමාත්‍ය සුසිල්ට ආසියාවෙන් ලොකු තනතුරක්.!

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පොදුරාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් පත්කර ඇත.

දුරස්ථ අධ්‍යාපනය සහ විවෘත අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා ලොව පිහිටුවා ඇති එකම අන්තර් රාජ්‍ය සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානය වේ.

පොදුරාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් කැනේඩියානු රජය මෙම සංවිධානය මෙහෙයවනු ලබන අතර කැනඩාවේ බිට්‍රිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ එය බර්නබිහි පිහිටුවා ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් විසින් දුරස්ථ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙම ආයතනය පිහිටුවාගෙන ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close