අද (07) දින උදෑසන විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියක් පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේදී ගෙළ කපා ඝාතනය කර ඇති බව පේරාදෙණිය පොලීසිය සදහන් කරයි.
එම ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි විසිපස් හැවිරිදි අංජලී චාපා නැමැති තරුණියක් වන අතර තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත.
පෙර පාසලේ සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා උදෑසන යමින් සිටියදී ගිනිහේන සුසාන භූමිය අසළදී කිසිවෙකු විසින් ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇත.
මෙම ගුරුවරිය නිවසේ සිට එන අතරතුර දුරකතනයෙන් කිසිවෙකු හා කතා කරමින් ගොස් තිබෙන බවත් ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවද පොලීසිය සදහන් කරයි.
එම සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් මෘත ශරීරය ඉලුක්තැන්න රෝහලේ තැන්පත් කර ඇති බවද තවදුරටත් සදහන් කරයි.