18 හැවිරිදි තරුණයාගේ වෙඩි තැබීමෙන් තිදෙනෙක් මරුට.!

ඇමෙරිකාවේ 18 හැවිරිදි තරුණයකු සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.මෙම වසර තුල පමණක් ඇමෙරිකාවේ සිදුව ඇති වෙඩිතැබීම් ගණන 225 කි.

අමෙරිකාවේ නිව් මෙක්සිකෝ හි කතෝලික දේවස්ථානයක් ආසන්නයේ මෙය සිදුව ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇත.

මේ අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් වෙඩික්කරු මියගොස් ඇත.

Loading

RSS