ශ්‍රී ලංකාවට පළමු තරගයෙන් ඉනිමක ජයක්.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 280ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 591ක් රැස් කල අතර එහිදී නායක දිමුත් කරුණාරත්න (179), කුසල් මෙන්ඩිස් (140), දිනේෂ් චන්දිමාල් (නොදැවී 102) සහ සදීර සමරවික්‍රම (නොදැවී 104) ශතක රැස්කර ගැනීමට සමත් විය.

එහිදී පන්දුවට පහරදීමට පැමිණි අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 143ක් රැස් කල අතර එහිදී දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුලු 07ක් දවා ගත්තේය.

අනතුරුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා නැවතත් පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම තෙවැනි දිනයේ තේ පානයෙන් මද වේලාවකට පසු ලකුණු 168කට සියලුදෙනා දැවී ගියේය.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය එළඹෙන 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close