තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් අරඹයි.!

එයාර් ඒෂියා ගුවන් සේවයේ AIQ – 140 දරන ගුවන් යානය පළමු ගුවන් ගමන තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත (09) රාත්‍රියේ 10.10ට පැමිණ ඇත.

කටුනායකට පැමිණි එම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු පැමිණ ඇති අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක සිට තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මෙම තායිලන්ත ගුවන් යානා යළිත් රාත්‍රී 11.00ට තායිලන්තයේ ගුවන්තොටුපොළ වෙත පිටත්ව යයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close