ශ්‍රී ලංකාවට අලුතින් තානාපතිවරු 11 ක් සහ මහකොමසාරිස්වරු 06 ක්.!

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 6 දෙනෙකු (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර භාර දෙනු ලැබීය.

කෝට් දි අයිවරි, උරුගුවේ, මොන්ගෝලියාව, සර්බියාව, සූඩානය, ආමේනියාව, උතුරු මැසඩෝනියාව, ස්ලොවැකියාව, චෙක් ජනරජය, ස්වීඩනය සහ ඉක්වදෝරය සඳහා තානාපතිවරුන් ද ජැමෙයිකාව, ටැන්සානියාව, මලාවි, කැනඩා, මැලේසියාව සහ මාලදිවයින සඳහා මහකොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටී.

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිළිගැනීමට කෙටි උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.
අද දින අක්තපත්‍ර භාර දුන් නව තානාපතිවරුන්ගේ සහ මහකොමසාරිස්වරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

1. Mr. N’dry Eric Camile – Ambassador –Republic of cote d’lvoire based in New Delhi
එන්’ ඩ්‍රි එරික් කැමිල් මහතා – කෝට් දි අයිවරි (Côte d’Ivoire) තානාපති

2. Mr. Jason K.Hall – High Commissioner – Jamaica based in New Delhi
ජේසන් කේ හෝල් මහතා – ජැමෙයිකා මහ කොමසාරිස් (නවදිල්ලිය)

3. Mr. Alberto Guani Amarilla – Ambassador –Oriental Republic Uruguy based in new Delhi
ඇල්බර්ටෝ ග්වානි අමරිලා මහතා – උරුගුවේ තානාපති (නවදිල්ලිය)

4. Mr. Ganbold Dambajav – Ambassador –Mongolia based in new Delhi
ගැන්බෝල්ඩ් ඩම්බජව් මහතා – මෝන්ගෝලියාව තානාපති (නවදිල්ලිය)

5. Ms. Anisa Kapufi Mbega – High Commissioner –United Republic of Tanzania based in New Delhi
අනිසා කපුෆි බෙගා මහත්මිය – ටැන්සානියා මහ‍ කොමසාරිස් (නවදිල්ලිය)

6. Mr. Sinisa Pavic – Ambassador –Republic of Serbia based in new Delhi
සිනිසා පවික් මහතා – සර්බියාව තානාපති (නවදිල්ලිය)

7. Mr. Leonard Menezi- High commissioner – Republic of Malawi based in New Delhi
ලියොනාඩ් මෙන්ගසි මහතා – මලාවි මහ කොමසාරිස් (නවදිල්ලිය)

8. Mr. abdalla Omer Elhusain – Ambassador – Republic of the Sudan based in New Delhi
අබ්දල්ලා ඔමර් එල් හුසේන් මහතා – සුඩානය තානාපති (නවදිල්ලිය)

9. Mr. Eric Walsh- High commissioner – Canada based in Colombo
එරික් වොල්ෂ් මහතා – කැනඩා තානාපති

10. Mr. Youri Babakhanian – Ambassador – Republic of Armenia based in New Delhi
යුරි බබකානියන් මහතා – ආමේනියාව තානාපති (නවදිල්ලිය)

11. Mr. Slobadan Uzunov – Ambassador- Republic of North Macedonia based in New Delhi
ස්ලොබඩන් උසුනොව් මහතා – උතුරු මැසඩෝනියාව තානාපති – (නවදිල්ලිය)

12. Mr. Robert Mexian – Ambassador- Slovac republic based in New Delhi
රොබට් මැක්සියන් මහතා – ස්ලොවැකියාව තානාපති (නවදිල්ලිය)

13. Mr. Badli Hisham bin Adam – High commissioner – Malaysia based in Colombo
බඩ්ලි හිෂාම් බින් අදාම් මහතා – මැලේසියාව මහ කොමසාරිස්

14. Dr. Ms Eliska Zigova – Ambassador- Czech Republic based in New Delhi
ආචාර්ය එලිස්කා සිගෝවා මහත්මිය – චෙක් ජනරජය තානාපති (නවදිල්ලිය)

15. Mr. Jan Thesleff – Ambassador- Kingdom Of Sweden based in New Delhi
ජෑන් තෙස්ලෙෆ් මහතා – ස්වීඩනය තානාපති (නවදිල්ලිය)

16. Mr. Francisco Teodoro Guevara – Republic Of Ecuador based in New Delhi
ෆ්‍රැන්සිස්කෝ තියොඩොරෝ ගුවාරා මහතා – ඉක්වදෝරය තානාපති – (නවදිල්ලිය)

17. Mr. Ali Faiz – High commissioner – Republic of Maldives based in Colombo
අලි ෆයිස් මහතා – මාලදිවයින මහ කොමසාරිස්

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අක්ත පත්‍ර භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු සමග සුහද සාකච්ඡාවකට ද එක් විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු සහ නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

-ජනාධිපති මාධ්‍ය අංශය

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close