තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම ඊයේ (21) දින හම්බන්තොට දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි අතින් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත්තේය.
විපක්ෂ සමගි ජන බලවේගයේ සමාජිකත්වය ගත් ඔවුන් දෙදෙනා ඉදිරි පලාත් මැතිවරණයේදී තංගල්ල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරඟ කිරීම සදහා නාමයෝජනා ද භාරදුන්නේය.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.
තංගල්ල නගර සභාවේ සභාපතිවරයා හා අරලිය එරන්දිම විපක්ෂ සමගි ජන බලවේගයට එක්වීම තමන් ලැබූ ජයග්‍රහණයක් බවද දිලප් වෙදආරච්චි මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කරයි.