ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධ තීරණය ප්‍රකාශ කරයි.!

බරපතළ වැඩ සහිත වසර 04ක කාලයක් සඳහා බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ ඇප අයදුම්පත අද (02) කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මේ වනවිට නියම කර තිබෙන වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් විත්තිකාර ඥානසාර හිමියන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු මෙම ඇප ඉල්ලීම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close