මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ ඊ මේල් ලිපිනයට ලද කප්පම් ඉල්ලීමක් සම්බන්ධ පැමිණිල්ලක් ඔස්සේ රාජ්‍ය බුද්ධි කොට්ඨාශය සිදුකළ විමර්ශනයකදී එය ව්‍යාජ පැමිණිල්ලක් බවට තහවුරු වීමෙන් පසු සිදුකළ වැඩිදුර විමර්ශන වලින් කාන්තාවක් අත්අඩංගුවට පත්වී තිබේ.
පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ එම ව්‍යාජ පැමිණිල්ල සිදුකළ කාන්තාව ඇය සතු ජංගම දුරකථන දෙකෙන් එකක් යොදාගෙන අනෙක් දුරකථනයක වෙත කප්පම් ඉල්ලා මරණ තර්ජනය කොට ලිපියක් සකසා යවා ඇති බවයි.
සිදුකල විමර්ශන අනුව එම කාන්තාවගේ අරමුණ වී ඇත්තේ එම ව්‍යාජ පැමිණිල්ල හරහා ඉහළ පොලිස් නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කිරීම බව පොලීසිය පවසයි.
එම කාන්තාව පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ පදිංචි කාරියක් බව පැමිණිල්ලේ සඳහන් කොට තිබුනත් එම් ලිපිනය ව්‍යාජ එකක් බව බුද්ධි නිලධාරීන් තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාරදී ඇති අතර ඉන්පසු ඇයගේ ජංගම දුරකථනයේ ලිපිනයට අනුව කැකිරාව තලාව ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.