ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ චක්‍ර ලේඛනය අවලංගු කරගනු ලැබූයේ මැතිවරණ කොමිෂන් සභාව පෙර ඇති කරගත් එකඟතාවය මත ඡන්දය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිතව කරුණු දක්වා තිබීම නිසා යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සදහන් කරයි.
මැතිවරණය ආසන්නව පවතින අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීමක් පවතින බවට පළවූ අදහස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමග ඉකුත් සතියේදී සාකච්ඡාවක් පැවැත්විය.
අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව ඉහත චක්‍රලේඛය නිකුත් කරනු ලැබු බවත් ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග වාචිකව හෝ ලිඛිතව කරුණු සාකච්ඡා කොට විසඳුම් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී උපදෙස් දී ඇත.