ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා අද (11) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පස්වරු 3.30 ට සිදුකරයි.
මෙම පිහිටුවන නව සන්ධානය ‘නිදහස් ජනතා සන්ධානය’ යනුවෙන් නම් කර ඇති අතර, එහි ලකුණ ‘හෙලිකොප්ටරය’ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ සදහන් කරයි.
අද දිනයේ දී මෙම අවස්ථාවට නව සන්ධානය නියෝජනය කරන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක් පමණ සහභාගී වීමට නියමිත බවද මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ සදහන් කරයි.