දීප්තිමත්ම ග්‍රහලෝකය සොයාගනී.!

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 264ක් පමණ ඈතින් ක්ෂීර පථයේ පිහිටි ඉතා දීප්තිමත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නෙප්චුන් ග්‍රහලෝකය තරම් විශාල පැය 19කට වරක් සුර්යයා වටා පරිභ්‍රමණය වන මෙම ග්‍රහලෝකය ඒ මත පතිතවන හිරු රැස්වලින් 80%ක්ම පරාවර්ථනය කරයි.

මෙම ග්‍රහලෝකය සුර්යාලෝකය පරාවර්ථනය කරන වැඩිම ග්‍රහලෝකය වන අතර රාත්‍රී අහසේ දීප්තිමත්ම සිකුරු ග්‍රහලෝකය එලෙස සුර්යාලෝකයෙන් 75%ක් පරාවර්ථනය කරන අතර පෘථිවිය 30%ක් පරාවර්ථනය කරයි.

නව ග්‍රහලෝකය ආලෝකය පරාවර්ථනය කිරීමට හේතු වී ඇත්තේ එයවටා ඇති ටයිටේනියම් සහ සිලිකේටවලින් තැනුනු ලෝහමය වලාවන් නිසා බව තාරකා විද්‍යාඥයින්ගේ මතය වේ.

පසුගිය 2020 වසරේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද LTT9779b ලෙස හැඳින්වෙන නෙප්චූන් ප්‍රමාණයේ ග්‍රහලෝකය පැය 19කින් එහි තාරකාව වටා පරිභ්‍රමණය වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close