ලෙල්ලම මුහුදු තීරයේ බෝට්ටු 07ක් හදිසියේම ගිනිගනී.!

අද (11) අලුයම 01.30ට පමණ මෝදර, ලෙල්ලම, මුහුදු තීරයේදී ධීවර බෝට්ටු 07ක් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම හදිසි ගින්නෙන් තවත් බෝට්ටු එංජින් 02ක් සහ ධීවර ආම්පන්න කිහිපයක් විනාශ වී ඇති අතර හෙට්ටියාවත්ත ගිනිනිවීම් ඒකකයේ නිලධාරින් සහ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා ඇත.

මෙම හදිසි ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.   

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close