විෂ සහිත අපද්‍රව්‍ය ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹයි.!

පසුගියදා අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කරයි.

අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය මේ වනවිටත් ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

පසුගිය මාර්තු (26) වනදා බොල්ටිමෝ පාලමේ ගැටීම හේතුවෙන් වසර 47ක් පමණ පැරණි එම පාලම කඩා වැටුණු අතර එම පාලමේ නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයින් පිරිසක් ගඟට වැටී අතුරුදන් විය.

ලංකාව බලා යාත්‍රා කරමින් පැවැති එම නෞකාව තුළ විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බවත් එහි තිබු අපද්‍රව්‍ය තොගයේ බර ටොන් 746ක් බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

අඩි 984ක් දිගින් යුතු එම නෞකාව තුළ විෂ ද්‍රව්‍ය රැගත් බහාලුම් 56ක් තිබු බවත් ටොන් 746ක් බරැති, විඛාදන, ගිනි ගන්නා සුළු, සංකීර්ණ ද්‍රව්‍ය සහ ප්‍රවාහනයේදී සැලකිලිමත්විය යුතු පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි ද තිබී ඇතැයිද අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close