කාලගුණයෙන් ජනතාවට අනතුරු අඟවයි.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සදහන් කරයි.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement