ට්විටර් අභියෝගය කරමින් සකර්බර්ග්ගේ අලුත්ම මෙවලම එළියට.!

අද (06) දින මෙටා (Meta) සමාගම මගින් නවතම සමාජ මාධ්‍ය මෙවලම වන ‘Threads’ එළිදක්වා ඇති අතර පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 05ක් ඒ හා සම්බන්ධ වී ඇති බව මාර්ක් සකර්බර්ග් සදහන් කරයි.

හදුන්වාදෙන නව මෙවලම ‘ට්විටර්’ ජාලයට දැඩි තර්ජනයක් විය හැකි බවත් ට්විටර් හිමිකරු වන ඊලොන් මස්ක් මෑතකදී සිදුකළ වෙනස්කම් හේතුවෙන් සමහර ග්‍රාහකයින් අකමැත්ත පළ කර ඇති බවද විචාරකයන් සදහන් කරයි.

ඉන්ස්ටග්‍රෑම් වෙත එහි සබැඳි, එයට සූදානම් පරිශීලක පදනමක් ලබාදීම, එලෝන් මස්ක් සහ නව ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී ලින්ඩා යකාරිනෝ අරගලකාරී ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමට උත්සාහ කරන මොහොතක මෙය වාසියක් වනු ඇති බවද විචාරකයන් සදහන් කරයි.

එනිසා මෙම නව මෙවලම ලෝකය පුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙතැයි අපේක්ෂා කරන බවද මාර්ක් සකර්බර්ග් සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close