චූන් පාන් රියදුරු පාන් අස්සේ කසිප්පු බෙදයි.!

පාන්, බනිස් විකුණන මුවාවෙන් නීති විරෝධී මත්පැන් අලෙවි කළ චුන් පාන් රියදුරකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථ රියදුරු සමග විවිධ ප්‍රමාණයේ බෝතල් 28ක තිබූ නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු මිලි ලිටර් 37000ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1200ක් බාරයට ගත් බවද මිරිහාන මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

ත්‍රීරෝද රථයකින් චූන් පාන් රියදුරකු ලෙස නීති විරෝධී මත්පැන් අලෙවියෙහි යෙදෙන බවට ලද තොරතුරකට අනුව එම රථය නවතා සිදුකළ පරික්ෂාවේදී පිටුපස පාන් අසුරන කොටසේ සූක්ෂමව සඟවා තිබූ මත්පැන් තොගය සොයාගත් බවද පොලීසිය සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close