ලෝකයේ “රොක් ඇන්ඩ් රෝල් රැජින” ලෙස ජනප්‍රියත්වට පත් ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන ටීනා ටර්නර් ජීවිතයෙන් සමුගෙන ඇත.
1939 නොවැම්බර් මස 26 වන දින අමෙරිකාවේ උපත ලබා පසුව ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබාගත් ටීනා ටර්නර් 1957 වසරේ සිය ගායන ජීවිතය ආරම්භ කළේය.
පසුව ටීනා ටර්නර් රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස සළකනු ලැබු අතර රංගන සහ නර්තන ශිල්පිනියක් ලෙසද ඇය ලොව පුරා රසික රසිකාවියන්ගේ සිත් දිනා ගත්තේය.
ස්විස්ටර්ලන්තයේ සුරිචි හි පිහිටි ඇගේ නිවසේදී මියගොස් ඇති බවත් ටීනා ටර්නර් මියයන විට 83වන වියේ පසුවු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.