මෑතකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් තමන්ට අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජාවාරම්කරුවන්ට සම්බන්ධ ඇතැමුන් බලපෑම් කරන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සඳහන් කරයි.
කොටහේන ප්‍රදේශයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක සමාරම්භක අවස්ථාව අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.
දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් සමග සබඳතා පවත්වන පිරිස් මෙසේ බලපෑම් කරන්නේ මත්ද්‍රව්‍ය ජාල මැඩලීමට සිදුකරන මෙහෙයුම් හේතුවෙන් බවද අමාත්‍යවරයා සදහන් කරයි.
එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට විවිධ පුද්ගලයන් කළ හැකි සෑම දෙයක්ම සිදුකරමින් සිටින බවත් එලෙස කොතරම් බාධක පැමිණියත් පාතාලයන්ගෙන් රට බේරා ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
අපේ බදු වලින් ජීවත් වෙන po හැත්ත.
සදාචාරයක් කියලා දෙයක් තියෙනවා බං
මේකා පට්ට හොරෙක්… එලවන්න ඕනා ඕකව
අපි රැවටුනා, මූ පල් හොරා