විස සහිත අපද්‍රව්‍ය ගෙන්වු අයට වැඩ වරදී.!

අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරයි.

එම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු විෂ සහිත අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු සදහන් කරයි.

විෂ සහිත අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ ජාවාරමට සම්බන්ධ අයට එරෙහිව ගත හැකි සෑම නීතිමය  පියවරක්ම ගන්නා බවද සභාපති වෙනුර ප්‍රනාන්දු සදහන් කරයි.

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවැති එම නෞකාව තුළ විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බවත් එහි තිබු අපද්‍රව්‍ය තොගයේ බර ටොන් 746ක් බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close