Toyota රථවල නිෂ්පාදන දෝෂයක්.. භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්.!

Toyota සමාගම විසින් සිය මෝටර් රථ දහස් ගණනක නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් Yaris වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයක් නැවත කැඳවීමට තීරණය කර ඇත.

2020 – 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ එම මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධව ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස එම රථ යළි කැඳවා ඇති අතර මෝටර් රථ 7633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවද වාර්තා වේ.

අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටීනම් එම රථ පරීක්ෂා කරගැනීමක් සිදුකරගත යුතු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

RSS