කුඩා දරුවන්ට බැටරියෙන් ක්‍රියාත්මක කරවන සෙල්ලම් බඩු ලබාදීම අහිතකර බවත් එම සෙල්ලම් බඩුවල ලිතියම්, සිල්වර් ඔක්සයිඩ් සහ ඇල්කලයින් වර්ගයේ බොත්තම් බැටරි ( Button batteries) ඇති බැවින් ඒවා දරුවන් ගිලින්න, කනේ හෝ නාසයේ දමා ගැනීමට හැකි බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සදහන් කරයි.
කෙසේ හෝ කුඩා දරුවන් මෙම බැටරි ගිල දැමුවහොත් එහි ඇති විද්‍යුත් රසායනික ක්‍රියාකාරීත්වය හරහා එය දරුවාට මාරාන්තික තත්ත්වයක් පවා උද්ගත විය හැකි බවත් මේ හරහා ආමාශයට පවා මාරාන්තික හානි සිදුවිය හැකි අතර ස්වසන මාර්ගයේ සිරවීමෙන් ජීවිත හානි පවා සිදු වීමට හැකි බවද වෛද්‍යවරයා සදහන් කරයි.
ආහාර මාර්ගයේ මුල්ම කොටස (ගලනාලය) ස්වාභාවිකවම පටු නිසා ගිලුණු විට හානිය (සිදුරුවීම) උපරිමයෙන් සිදුවිය හැකි අතර ගිලුණු බැටරිය ආමාශය දක්වා ගමන්කොට දරුවාට අධික හානියක් සිදුවිය හැකි බවද වෛද්‍යවරයා සදහන් කරයි.
එවැනි අනතුරකට කුඩා දරුවෙක් ලක් වු වහාම හැකි ඉක්මනින් දරුවා රෝහලකට ගෙන ආ යුතු බවත් දරුවා රෝහලට රැගෙන යන තෙක් ප්‍රථමාධාරය වශයෙන් පිරිසිදු මී පැණි තේ හැදි 2ක බැගින් සෑම විනාඩි 10කට වරක් දරුවාට ලබා දිය යුතු බවද වෛද්‍යවරයා සදහන් කරයි.