සේවයෙන් පහ කිරීමේ ලිපි නිකුත් කළ සැනින් වර්ජනය අවසන්.!

දුම්රිය වෘත්තීය සංගම් විසින් දුම්රිය වර්ජනය අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරිමට තීරණය කළ බවට වාර්තා වනවා.

එම සංගම් පවසන්නේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව වැඩ වර්ජනය අවසන් කිරිමට තිරණය කළ බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් පෙරේදා(09) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක් වැඩ වර්ජනයක නිරත වීමෙන් දුම්රිය ගමනාගමන කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වී තිබුනි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close