ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යද තොරතුරු රැසක් වාර්තා කර ඇත.
ඒ දැඩි ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව තුළ විශාල ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව පොරොන්දු වී ඇති බව ද හින්දු මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇති දූපත් 03ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් වලට එළඹීම පිළිබඳව මෙම සංචාරයේදී සාක්ච්ඡා කර ඇති බවද සඳහන් කරයි.
මේ අතර විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සදහන් කළේ, ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ ඉන්දිය විදේශ අමාත්‍යවරයා වැඩි අවධානය යොමු කල බවයි.
එම ව්‍යාපෘතියට අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය ඇතුළත් බවත් මේ පිළිබඳ කිසිදු ගිවිසුම් ගතවීමක් මේ වනතෙක් සිදුකර නොමැති බවද අමාත්‍ය අලි සබ්රි සදහන් කරයි.