තුන්වන ලෝක යුද්ධය ගැන අනතුරු ඇගවීමක්.!

අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ, ජනපති බයිඩන් ගේ පාලනය විසින් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමට ගත් තීරණය තුන්වැනි ලෝක යුද්ධයක් කරා ගෙන යන බවයි.

ජනාධිපතිවරයා දැන් සිදුකළ යුත්තේ මෙම විනාශකාරී යුද්ධය නැවැත්වීමට කටයුතු කළයුතු බවත් පොකුරු බෝම්බ මානුෂීය මෙන්ම ක්‍රමෝපාය හේතූන් මතද භාවිත නොකළ යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

පොකුරු බෝම්බ එකක් සිය ගණනකට වෙන්වී විශාල ප්‍රදේශයක පැතිරෙන බවත් පොකුරු බෝම්බ දශක ගණනාවකින් වුවද පිපිරීමට ලක්විය හැකි බැවින් අහිංසක යුක්‍රේන වැසියන් විනාශකර දැමිමේ ප්‍රතිඵලයක් බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

තවදුරටත් මෙම ලේ වැගිරෙන අනතුරුදායක පාලනයකින් තොරව යුද්ධය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව එමගින්ම පැහැදිලි වන බවද හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

ජනපති බයිඩන් යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් උමතුවෙන් කටයුතු කරන බවත් එම යුද්ධය නිසා අමෙරිකාව තවදුරටත් දුර්වල වන බවද හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close