ට්විටර් සමාගම (twitter) සිය ගිණුම් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ මෙම අප්‍රේල් පළමු 01 සිට ගෙවිම් නොකළ ගිණුම් වලින් සිය සත්‍යාපන ලාංඡනය (verification blue tick) ඉවත් කිරීමට ට්විටර් සමාගම තීරණය කර ඇත.
එලෙස ගෙවිම් නොකළ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ට්විටර් ගිණුමේ සත්‍යාපන ලාංඡනය ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම තවත් ආයතන කිහිපයක සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම්වල සත්‍යාපන ලාංඡන සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව ට්විටර් සමාගම සදහන් කරයි.
ලොස් ඇන්ජලීස් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් සහ CNN ඇතුළු බොහෝ ප්‍රවෘත්ති ආයතන ට්විටර් සත්‍යාපනය සඳහා මුදල් නොගෙවන බවද ට්විටර් සමාගම සදහන් කරයි.
තවදුරටත් මුදල් නොගෙවන්නේ නම් එම පුද්ගලයින්, සමාගම්, ප්‍රවෘත්ති ආයතන සම්බන්ධයෙන් තීරණයක් ගෙන සත්‍යාපන ලාංඡනය ඉවත් කිරීමට කටයුතු කරන බවද ට්විටර් සමාගම සදහන් කරයි.