පිස්තෝල දෙකක් යුරෝ මිලියන 1.69කට වෙන්දේසි වෙයි.!

පැරිස් තුවක්කු නිෂ්පාදකයෙකු වන ලුවී-මරින් ගොස්සෙට් විසින් නිර්මාණය කළ, ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් සතු වූ පිස්තෝල දෙකක් යුරෝ මිලියන 1.69 කට වෙන්දේසි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් මෙම පිස්තෝල යොදාගෙන ෆොන්ටයින්බ්ලූ මාලිගය අසල සියදිවි නසා ගැනීමට තැත් කළ බවද සදහන් කරයි.

ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යාංශය විසින් මෑතකදී ජාතික වස්තු ලෙස වර්ගීකරණය කර පිස්තෝල අපනයනය තහනම් කිරීමෙන් පසුව මෙම පිස්තෝල අලෙවිය සිදුකර ඇත.

ඒ අනුව නව හිමිකරුගෙන් එම පිස්තෝල මිලදී ගැනීම සඳහා ප්‍රංශ රජයට මාස 30ක කාලයක් හිමිවන අතර එම පිස්තෝලවලට ප්‍රංශයෙන් පිටවිය හැක්කේ තාවකාලිකව පමණක් බවද සදහන් කරයි.

මෙම පිස්තෝලවලට රන් රිදී ඔබ්බවා ඇති අතර පැතිකඩෙහි නැපෝලියන්ගේම කැටයම් කළ රූපයක් ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.