පොලිස් නිළධාරීගේ සේවයට බාධා කළා යැයි, පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට.!

මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ මිරිහාන පොලිසියට අනුක්තව සේවය කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් සහ අපරාධ වාර්තා කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ රියදුරෙකු ලෙස කටයුතු කරන තවත් පොලිස් කොස්තාපල් වරයෙක් බව වාර්තා වේ.

එම නිළධාරීන් දෙදෙනා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසල සැක සහිත ලෙස රැඳී සිටියදී, රාජකාරියේ නියතු පොලිස් නිළධාරීන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමට යාමේදී එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පැවසීය.

කොල්ලූපිටිය පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් නිලධාරියකු සිවිල් ඇඳුමින් සැරසී රාජකාරියේ නියතුව සිට ඇති අතර එම ස්ථානයේ සැකසහිත ලෙස රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු දැක, පොලිස් හැඳුනුම්පත පෙන්වා පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර පසුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement