කැලයක රාත්‍රිය ගත කල 23 හැවිරිදි තරුණියට සිදුවූ අවාසනාවන්ත ඉරණම.!

කුඩාරමක රාත්‍රිය ගතකල තරුණියකට සහ තරුණයෙකුට වන අලි ප්‍රහාරයක් සිදුව ඇති බව කොස්ලන්ද පොලිසිය සදහන් කරයි.

උඩදියලුම ප්‍රදේශය නැරබීමට පැමිණි 23 හැවිරිදි තරුණිය සහ 22 හැවිරිදි තරුණයා කුඩාරමක රාත්‍රිය ගතකර ඇත.

රාත්‍රියේ ඒ අසලින් ගමන්ගත් වන අලියෙකුගෙන් ඔවුන් දෙදෙනාට ප්‍රහාරයක් එල්ල වී ඇත.

එම වන අලි ප්‍රහාරයෙන් 23 හැවිරිදි තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර තරුණයා වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරැවෙකු බව කොස්ලන්ද පොලිසිය සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close