“ආණ්ඩුව මාව අත්අඩංගුවට ගන්න හදන්නේ” ගම්මන්පිල කියයි.!

පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව සමාජගත කරනා බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ තමා සතුව ඇති එම වාර්තාවන් ආණ්ඩුවට ලබා දෙන්නේ එය ලබා දුන් වහාම ප්‍රසිද්ධ කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ අමාත්‍ය විජිත හේරත් මහතා තමාට ප්‍රතිඥාවක් ලබා දුනහොත් පමණක් බවයි.

රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වසර 25 කට අධික කාලයක් පෙනී සිටි අයෙක් ලෙස තමාට පාස්කු ප්‍රහාය සම්බන්ධව වාර්තා දෙකක් ඇමුණුම්ද සමග ලැබී ඇතත් ඒවා කිසිසේත්ම ප්‍රසිද්ධ නොකරන බවත් තමා කිසි ලෙසකත් රාජ්‍ය ආරක්ෂාවට හානි වන කිසිවක් නොකරන බවද අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාටද මෙම වාර්තාව ලැබී තිබුණ බවත් අනුර කුමාර දිසානායක මහතාට මෙම වාර්තා ලැබී දින තුනක් යාමට පෙර එය ජනාධිපති කාර්යාලයෙන් පිටවීම සම්බන්ධව සොයා බැලිය යුතු බවත් ඉන් පැවසෙන්නේ තවම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාතී අය ජනාධිපති කාර්යාලයේ සිටින බව යැයිද ගම්මන්පිල මහතා පැවසීය.

ගම්මන්පිල මහතා පවසන්නේ මේ වන විට තමා අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය රහස් තොරතු පනත යටතේ සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති හැකියාව පිළිබඳව ආණ්ඩුව විමසා බලා ඇති බවයි.

කෙසේවෙතත් ලබන සඳුදා වනවිට මෙම වාර්තාව ජනාධිපතිවරයා ප්‍රසිද්ධ නොකළහොත් තමා එය ප්‍රසිද්ධ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.