රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසන්නේ ලබන මස 14 වැනි දා නියත වශයෙන් ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වීමට එකඟ වී ඇති බවත්ය.
මෙරට ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග හිටපු තානාපතිවරයා මේ බව සඳහන් කළේය, ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තුව ඇතැම් විට 15 වැනි දා හෝ 14 වැනි දා රාත්‍රියේ විසුරුවා හැරීම සිදුවිය හැකි බවයි.
“පාර්ලිමේන්තු මැතිවරණයක් ඉතා ඉක්මනින් පවත්වනවා, ඉන් පස්සෙ හදන ආණ්ඩුව සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ කොහොමද, එහෙම නැත්නම් පොහොට්ටුවේ හෝ වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට එන්න ඉඩ තියෙනවා.”
කෙසේ නමුත් උදයංග වීරතුංග කියා සිටියේ, කතානායකවරයා ද එසේ සිදු නොවන බව පසුගිය දිනයක ප්‍රකාශ කර තිබුණත්, තමා එය බැහැර කරන බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා තරඟ නොකරන බවත්, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීම සඳහා වත්මන් ජනපති වරයා එකඟතාවකට පැමිණ ඇති බවත් ය.
මේ අතර හිටපු රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් අපේක්ෂකයෙකු නම් කිරීමට තවමත් තීරණය කර නොමැති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වනු ඇති බවයි.