එරට ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ වාර්තාව නිකුත් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට පැමිණෙමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර පස්වන ස්ථානය ලබාගෙන ඇති අතර පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානයේ සිටියේය.
උද්ධමනය දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය පසුගිය දෙසැම්බර් මස සියයට 66% ක් ලෙස සඳහන් වුවත් මෙරට සැබෑ උද්ධමනය සියයට 106% ක් බව ස්ටීව් හැන්කේ පෙන්වා දෙයි.
ඒ අනුව උද්ධමනය වැඩි දර්ශකයේ පළමු ස්ථානය සිම්බාබ්වේටත්, එහි දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත්, තෙවැනි ස්ථානය ලෙබනනයටත් හිමිව ඇත.
උද්ධමනය පිළිබඳ නවතම දර්ශකය පහතින්..
